රාජපක්ෂලා හෙජින්වලින් ගසා කාපු දේවල්වලට අපි නඩු දාලා තියෙද්දි අපේ අයත් එතන ඩීල් දදා ඒ නඩු යට ගැහුවා. දැන් තලතා ඇමතිතුමිය ඒ වෙනුවෙන් අධිකරණ තුනක් පත්කරලා නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදුකරනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කිරින්දව ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකා මැතිණියත් ශ්‍රීලනිපයත් බිහිවුනේ එජාපයෙනුයි. යනුවෙන් පවසමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය මැතිවරණයේ දීද හිටපු ජනපතිනිය සිය සහාය එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වූ බවයි.පොහොට්ටුව ශ්‍රීලනිපයේ කොටසක් නෙමෙයි. පොහොට්ටුව තනිකරම පවුල්වාදය මත හැදුනු එකක්. ඒක තනිකරම ජාතිවාදය අවුස්සන අවස්ථාවාදයක්. දැනුත් එතුමියගේ හදවතින් අපිටයි උදවු කරන්නෙ යනුවෙන් අකිල විරාජ් මහතා පැවසීය.
අපි හොරකංවලට පක්ෂයක් විදියට තීන්දු තීරණ ගත්තා. ඒවා විනිවිද පෙනෙන තීන්දු. ග්‍රීක් බොන්ඩ් එකෙන්, හෙජින් ගිවිසුමෙන් කෝටි ගනං ගසාකාපු රාජපක්ෂවරු හොඳට ඉන්නවා. අපි ඒකට උසාවියෙ නඩු දාලා බලපුවාම අපේ අධිකරණ භාරව හිටපු ඇමතිවරුත් අවුරුදු දෙකක් තිස්සෙ එතන ඩීල් එකක් දාගෙන ඉඳලා. ඒවා යටගගහා ඉඳලා. ඒනිසා ඒ අයවත් අයින් කරලා දැන් තලතා ඇමතිතුමිය නිසි පරිදි මේ ගැන සොයා බලමින් අලුතින් අධිකරණ තුනක් පත්කරලා තියෙනවා. එයින් අපි ජනතාවගේ දේවල් හොරකං කරපු මිනීමරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙනවා යනුවෙන් අකිල විරාජ් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.