පක්ෂ, පාට බදාගෙන දේශපාලනය නොකළ යුතු බවත් සැමවිමකම රටේ අනාගතය ගැන සිතා කටයුතු කළයුතු බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. අද යක්කලදි පැවති මහජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ හොරුන්, දූෂිතයින් රකින ක්‍රමවේදයට තමන් කිසිසේත්ම එකඟ නොවන බවය.