පොළොන්නරුව ඉසිපතනාරාම විහාරස්ථානයේ සහ පොළොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගය අසල පිහිටි පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබෙන හිටපු ජනපතිගේ රැස්වීම් නොපවත්වන ලෙස ඉල්ලා ප්රදේශවාසීහු අද (09දා) උද්ඝෝෂණයක නිරත වූහ.
මෙයට අමතරව ඉසිපතනාරාම විහාරස්ථානය අසල සහ පොළොන්නරුව නගරයේ නිවාසවල සහ වෙළෙඳසැල්වල කළු කොඩි ඔසවා, වෙළෙඳසැල් වසා දමා හිටපු ජනපතිගේ පැමිණීමට එරෙහිව විරෝධය දක්වා තිබෙනු දක්නට ලැබුණි.