හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (30දා) සිට එළැඹෙන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
ඒ වෙනුවන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හිටපු ජනපතිවරයා පවසන්නේ "දරුවකු අනතුරකට ලක් වූ විට වැඩිම ශෝකය ඇති වන්නේ දෙමාපියන්ට පමණකි" යනුවෙනි.
ඒ සඳහා ඔහුගේ මෙන්ම සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඡායාරූපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එකතු කිරීමට ඔහු කටයුතු කර තිබුණි.