හිටපු ජනපති ලංගමට ලක්ෂ 1425 ක් පාඩු කරලලු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණය සඳහා ලබාගත් ලංගම බස්රථ වෙනුවෙන් ලංගමට රුපියල් ල්ක්ෂ 1425 ක් ගෙවිය යුතු බවත් එම මුදල ගෙවන ලෙසට ලිඛිතව හිටපු ජනපතිවරයා දැනුම් දී තිබෙන බවත් එය නොගෙවන්නේ නම් එම මුදල ලබාගැනිමට නීතිමාර්ගයට යන බවත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා බදුල්ලේදි පැවසිය.
බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය හා ගිරාඳුරුකෝට්ට යන ලංගම ඩිපෝ සදහා නව බස්රථ 49 ක් ලබාදීමේ උත්සවයට බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළේදී එක්වෙමින් හෙතෙම මේ බව ඊයේ (21දා) පැවැසීය.
“මම ලංගම බාරගන්නකොට හිඟ වැටුප් විතරක් ලක්ෂ එක්දහස් පන්සීයක් ගෙවන්න තිබුණා. ඒ නිසා මම නිලධාරීන්ගෙනැල්ල බැලුවා ලංගමට මොනවද අයවෙනන් තියෙන්නේ කියලා පසුගිය ජනාධිපතිවරණයේදි නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම් වලට ගිහිල්ල තිබ්බේ ලංගම බස්රථ .
මම ලංගම නිලධාරින්ට කිව්වා මේකට කොචිචර වියදමි වෙලා තියෙනවද කොච්චිර ගෙවල තියෙනවද කියල විස්තර දෙන්න කියලා .එතුමාලා මට දුන් විස්තර අනුව ලංගම බස්රථ වලින් විතරක් රුපියල් ල්ක්ෂ 1925 ක බස් ගිහින් තියෙනවා .මේකෙන් ගෙවල තියෙන්නේ ලක්ෂ 500 යි.” යැයි හෙතෙම පැවැසීය.
බදුල්ලේ පාලිත ආරියවංශ / ඇල්ල ප්‍රසාද් රුක්මල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

