හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) පස්වරු 01.00ට සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ සඳහන් කරයි.
ඒ මහතා ශ්රී ලංකන් එයාර් යූ.එල් - 183 දරන ගුවන් යානයෙන් පාකිස්තානයේ කරච්චි දක්වා පිටත් විය.
මෙම සංචාරය සඳහා ජී.එල්. පීරීස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ යන මහත්වරුන්ද එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපළ වැඩිදුරටත් සඳහන් කරයි.