ශ්රී ලංකාවේ පළමු විධායක ජනාධිපති වන දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතු වන රවී ජයවර්ධන මහතා අද (03දා) කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයාද වෙන ඒ මහතා නිහඩ සේවාවක් කළ පුද්ගලයෙකු ලෙස ප්රසිද්ධය.