පසුගිය රාජ්‍ය පාලන සමයේදී රජයේ නිවාස යෝජනා ක්‍රමවල ඉදිකළ රුපියල් කෝටි ගණන් වටිනා නිවාසයක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාට බෙදාදුන්නේ යැයි කියන සිද්ධියක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25දා) බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.
මත්තේගොඩ සහ කහතුඩුව ප්‍රදේශවල ක්‍රියාත්මක කළ රජයේ නිවාස යෝජනා ක්‍රමවල ඉදිකරන ලද නිවාස පහෙන් හතරක්ම හිටපු නිවාස සංවර්ධන ඇමති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතරද, ඉතිරි නිවස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයා අතරද බෙදාගෙන ඇතැයි කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව ජනාධිපති විමර්ශන කොමිසම පරීක්ෂණ සිදුකරයි.
රුපියල් කෝටියකට වඩා වටිනා මෙම නිවාස ක්‍රමවල එක් නිවසක් රුපියල් ලක්ෂ පහේ සිට ඉතාම අඩු මිල ගණන්වලට ලබා දී ඇති බව මූලික පරීක්ෂණවලදී කොමිසම හෙළි කරගෙන ඇත.
මෙම පරීක්ෂණයට අදාළව මීට පෙර අවස්ථාවක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මස්සිනාවරුන් දෙදෙනෙකු ඇතුළු ඥාතීන් වන කුණ්ඩසාලේ පදිංචි වසන්තා රූපසිංහ, මහරගම වත්තේගෙදර පදිංචි ආනන්ද ප්‍රියදර්ශන, මාතර නාවිමන මාලගොඩ පදිංචි ඩබ්. හේමසිරි සහ හඟරම්මුල්ල ඌරූගමුවේ පදිංචි මිලින්ද රත්නායක නමැත්තන් සිවුදෙනෙකුගේ ප්‍රකාශ කොමිසමේ නිලධාරීන් විසින් සටහන් කරගෙන ඇත.