හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හය දෙනෙකු ඇත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ඔවුන් චෙන්නායි සිට කල්කටාවට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (14දා) සිදුකර තිබෙනවා.
ඉන්දියාවේ නිදහස් දින සැමරුමට ප්රථවම මෙම හිටපු කොටි සාමාජිකයින් කොල්කටාවට පැමිණීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ පරික්ෂණ පවත්වනවා.