පැවති මැතිවරණයෙන් පරාජයට පත් වුවත් දේශපාලන කටයුතු වල අඛණ්ඩව නිරත වන බව ප්රජාතන්ත්රවාදී සටන්කාමින්ගේ පක්ෂය ප්‍රකාශ කොට තිබේ.
මෙම පක්ෂය හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ගෙන් සැදුම් ලත් අතර ඔවුන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් විය. එහිදී ඔවුන් පරාජයට පත් වූ අතර ඒ පිළිබද මාධ්‍යට අදහස් දැක්වු අවස්ථාවේදී එම පක්ෂයේ සමිබන්ධීකාරක එන්. විද්‍යාධරන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
යාපනය ප්‍රසන්න