හිටපු කොටි නායකයෙකුගේ ගුණ සැමරුමක් යාපනයේදී
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 30 වන ගුණ සැමරුම අද (26දා) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඔහුගේ පිළිරුව පිහිටි ස්ථානයේදී පැවැත් වුණි.
මෙම ස්ථානයේ තිබූ දිලීපන්ගේ පිළිරුව මේ වන විට ඉවත් කොට ඇති අතර එම ස්ථානයේ ඔහුගේ ඡායාරූපයක් තබා මෙම ගුණ සමරු උත්සවය පවත්වන ලදී.
ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් පිටුවහල් කරන ලෙස 1987 සැප්තැම්බර් මස (15දා) දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කෝවිල පිටු පස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබීය. එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් ද පැමිණ අදාළ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.
දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණසැමරුම් උත්සවයට යාපනය, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


