ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 24 ක මුදලක් කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක්(CSN) සමාගමට ලබාදී ඇත්තේ කෙලෙසද යන්න හෙළි කරගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (20දා) දැනුම් දුන්නේය.
රාජ්‍ය මුදල් රෙගුලාසි කඩකරමින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය මෙලෙස මුදල් ලබාදී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයිද,සී.එස්.එන්. ආයතනයට එලෙස මුදල් ලබා දී ඇත්තේ දෙපාර්තමේන්තු ප්රසම්පාදනන ක්‍රියාවලියට අනුකූලවද යන්න හෙළිකරගැනීම සඳහා පරීක්ෂණ පවත්වන්නේ යැයිද පොලීසිය ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දැනුම් දී ඇත.