එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නැවතත් එළැඹෙන 08දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද (25දා) නියෝග කළේය.
ඔහු ඇතුළු සැකකරුවන් හය දෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමටත් ප්‍රෙම්ලාල් ජයසේකර මහතා සමත්වූයේය.