ගම්පහ නගරයේදී පසුගිය 14දා පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් ලැබුණු මැතිවරණ පැමිණිල්ලකට අනුව කළ විමර්ශන වලට අදාළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (24දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු සමග තවත් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැමෙණ 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.