ජනාධිපතිවරණ සමයේදී කහවත්ත නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු සිවුදෙනා ලබන 23 වැනිදා තෙක් නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (09දා) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි යන නීතිඥයෝ පෙනී සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මලිති පෙරේරා