ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්තේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළියක් සඳහා වේදිකාව සකසමින් සිටියේදී එයට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා යළි එළැඹෙන 9දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (26දා) නියෝග කළේය.
ඔහුට අමතරව සබරගමු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත ජයකොඩි මහතා හා කහවත්ත ප්‍රදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා මහතාද 9දා තෙක් යළි බන්ධනාගාර ගත කරනු ලැබීය.