රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට විරුද්ධව නඩු පැවැරීමට නීතිපතිවරයා කටයුතු කළේය.
මීගමු කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කර තිබු මදල් වලින් රුපියල් කෝටියකට අධික හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ රැළියක් පැවැත්වීමට යොදාගත්තැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එසේම තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිවද නීතීපතිවරයා මෙම නඩුවට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.