නීත්‍යානුකූල නොවන ආකාරයට බැඳුම්කර විකුණා රුපියල් බිලියන 12ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂාවට සම්බන්ධ හිටපු ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් පිළිබඳව පරික්ෂණ ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මහබැංකුව කරනු ලැබූ සොයාබැලීමකින් හෙළිව ඇති මෙම කරුණු පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්යක්ෂ යූ.පී. අලවත්තගේ මහතා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ ඉතාමත් ප්‍රභල අමාත්‍යවරයෙකුගේ මෙම පුත්‍රයා ප්‍රධාන පෙළේ ආයතන 7ක අධ්‍යකෂ මණ්ඩල සාමාජිකත්ව්ය ලබා සිටින බවද අණාවරණය වී ඇත.
දයාසීලි ලියනගේ