හිටපු ගුවන් සේවා ඇමති ප්රියංකර ජයරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එලඹෙන අගෝස්තු මස 21 වනදින අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ මහතා අද (12දා) නියෝග කරන ලදී.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංවර්ධන සැළසුම් සම්බන්ධීකාර නිලධාරී තනතුරට පෞද්ගලික ලේකම් පත්කිරීමට කටයුතු කිරීම යන චෝදනාවට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.