පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තරග කළ හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඔහුගේ ගෝලයෙකු වූ නිමල් බන්දු මහතාට පරාජයවීම කැපීපෙනුණු සිදුවීමක් විය.
මෙහිඇති තවත් විශේෂත්වයක් වනුයේ හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා තමා උපන් ගමේදීම මෙසේ පරාජයට පත්වීමයි.
හිටපු කැබිනට් අමාත්‍ය වීරකෝන් මහතා සමග තරග කොට දිනූ නිමල් බන්දු මහතාදේශපාලනයටඅත්පොත් තැබුවේද වීරකෝන් මහතාගෙනි. එදා ඔහුගේ කිට්ටුවන්තම සගයාවූ නිමල් බන්දු මහතා වීරකෝන් මහතාගෙන් වෙන්වූයේ ඔහුහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්හැර ආණ්ඩුවට එක්වීමත් සමගය.
මෙවර ඡන්දයේදී හිටපු කැබිනට් අමාත්‍ය වීරකෝන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද,ඔහුගේ ගෝලයා වන නිමල් බන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තමන්ගේ උපන්ගම වන අංක 4, හිපන්කන්ද කොට්ටාසයෙන් ඉදිරිපත් වූහ.
එහිදී සිය ගුරුවරයා පරාජය කළ නිමල් බන්දු මහතා ඡන්ද 1959ක් ලබාගත්තේ වීරකෝන් මහතාට ඡන්ද 403ක් පමණක් ලබාගැනීමට ඉඩ සලසමිනි.
මෙහිදී වීරකෝන් මහතාට වඩා එම කොට්ටාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එස්.ඒ.ජයසිංහ මහතාද වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේය.
මේ මැතිවරණයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණෙන් තරග කළ සියලුදෙනාම හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන්මහතාගෙන් දේශපාලනය ඉගෙනගත් ගෝලයන් වන අතර, සිය දේශපාලන ගුරුවරයා පරාජය වනවිට ගෝලයන් සියලුදෙනා ජය ලැබීමද විශේෂයෙන්ම කැපීපෙනුණු තවත් සිදුවීමකි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත