දිවයිනේ ප්‍රධාන පාසල් ගණනාවක කීර්තිමත් විදුහල්පතිවරයකු මෙන්ම ප්‍රවීණ දේශපාලඥයකු වූ ආරියරත්න ජයතිලක මහතා අද (14දා) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මියයන විට 92 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා සිව් දරු පියෙකි.
1970 දී දිවුලපිටිය ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඒ මහතා පරාජයට පත්වුවත් 1977 මහ මැතිවරණයේදී ප්ර්රතිවාදී අපේක්ෂකයා වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මන් ජයකොඩි මහතා පරාජයට පත් කරමින් පාර්ලිමේන්තු වරම් ලැබීය. ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා රටට හදුන්වා දුන් දිසා ඇමති ක්‍රමය යටතේ ජයතිලක මහතා ගම්පහ දිසා ඇමතිවරයා ලෙස දිස්ත්‍රික්කයට විශාල සේවාවක් කළේය.
1989 දී සමානුපාතික ක්‍රමය යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස යළිත් පත් වූ ජයතිලක මහතා ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ රජයේ ඛණිජ කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස සේවය කරනු ලැබීය.
1991 අගොස්තු 28 වැනිදා ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත්වූ පළමු දෝෂාභියෝගය ට සහාය ලබාදුන් ජයතිලක මහතා ඒ සඳහා තමා ලබා දුන් අස්සන ඉවත් කර නොගැනීමේ ස්ථිර තීරණයක සිටි අතර ඒ නිසාම ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක මහත්වරුන් ඇතුලු මන්තී‍්‍රවරුන් අට දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීම මන්තී‍්‍රධූරය අහිමිවූයේය.
ඉන් අනතුරුව ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ට එක්වූ ජයතිලක මහතා බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන ඇමති පදවිය දැරූ බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය. එම පළාත් සභා සැසිය අවසන් වීමෙන් පසුව දේශපාලන කටයුතු වලින් ඉවත්ව තරමක අසනීප තත්තවයෙන් සිටි ජයතිලක මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්තවිය.
දේහය දිවුලපිටිය උල්ලලපොල නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව තීරණය කරන බව ඒ මහතාගේ පුත් තසිත හිරණ්‍ය ජයතිලක මහතා පැවසීය.
මිරිගම කාන්ති