පිළියන්දල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 08 ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම ගුරුවරයෙක් අද (24දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පිළියන්දල පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 50 හැවැරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
අතරවරයට ලක්වූ බව කියන දැරිය කළුබෝවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.