පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27 දා සිට බත්තරමුල්ලේ සුහුරුපාය ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට නියමිතය. මේ හේතුවෙන් හෙට (23දා) හා එළැඹෙන 26 දා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවා ක්රියාත්මක නොකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තවට මහ ජනතාවට දැනුම් දෙයි.
එසේම එම දෙපාර්තමේන්තුවේ නව රාජකාරි සුපුරුදු පරිදි එළැඹෙන 27 දා සිට බත්තරමුල්ලේ සුහුරුපාය ගොඩනැගිල්ලේ සිට ක්රියාත්මක කරන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වෙයි.