සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ සහ පිට පළාත්වල සිට හැටන් ප්රදේශයට පැමිණි ජනතාවට අවුරුදු සමය අවසන් වීමෙන් පසු නැවත තම රාජකාරි ස්ථානවලට යෑමට ප්රමාණවත් තරම් දුම්රිය සහ ලංගම බස්රථ නොමැතිවීමෙන් ඔවුහු අද (20දා) දැඩි අසීරුතාවකට පත්වූහ.
පවත්නා තත්ත්වය හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළේ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ඇතැම් මගීන් විශාල මුදලක් ගෙවා කුලී වෑන්රථවල යන අයුරු දක්නට ලැබිණි.
මේ පිළිබඳව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ සහ ලංගම බස් නැවතුම්පොළේනිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පවසා සිටියේ ගත වූ දින කිහිපය තුළ ප්රමාණවත් තරම් බස්රථ යොදවා තිබුණත්, වැඩි මගීන් පිරිසක් අවසන් දිනයේ රාජකාරිවලට යෑමට සැලසුම් කිරීම නිසා මෙම මගී තදබදය ඇති වූ බවයි.