නායයෑම් හා ගිලා බැසීමට ලක්ව වසා දමා තිබූ හැටන් - මහනුවර මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා යළි අද (19දා) සිට විවෘත කෙරිණි.
මෙම මාර්ගය පෙරේදා (17දා) ගිනිගත්හේන හා නාවලපිටිය අතර කොටසේ තැන් කිහිපයක් නායයෑම්වලට ලක්වීම හා මීපිටිය ප්ර‘දේශයේදී මාර්ගය ගිලා බැසීමකට ලක්වීම නිසා සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි.
දැනට මෙම මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනයට විවෘත කර ඇති බව පවසන මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදාවට ලක්වූ ස්ථානවලින් රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.