(UPDATE)
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නාය යෑමේ අවදානමට ලක්ව ඇති පස් කන්දක් හේතුවෙන් එම මාර්ගයේ එම කොටස යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (07) පෙරවරුවේ සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග අවස්ථා කිහිපයකදීම පස් කඳු නාය යෑමේ අවදානමට ලක්වූ අතර මීට පෙර අවස්ථාවකදීද එම මාර්ගය ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී වසා තැබුණි.
පවතින වර්ෂාවත් සමග හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හා හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශය සහ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවතින බවත් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් එම ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරුන් පවසයි.