හැටන් නගරයේ කැළි කසළ බැහැර කිරීමට ඉඩමක් ලබාදීමට එයට අදාළ රාජ්‍ය නිලධාරීන් කටයුතු නොකිරීම හා එකතු වී ඇති කසළ බැහැර කිරීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු සමසභාපති ධුරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොන්ඩමන් මහතා සමසභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇතැයි එම පක්ෂයේ උපසභාපති හා මධ්‍ය සභා මන්ත්‍රී කනපති කනගරාජ් මහතා පැවසීය.
හැටන් නගරයේ කැළි කසළ ගැටලුව විසඳීමට තමන් දිස්ත්‍රික් කමිටු සමසභාපති වශයෙන් අවස්ථා කිහිපයකදී ගත් තීරණ අදාළ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් දරන එම නිලයෙන් පලක් නොවන බව සඳහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවද කනගරාජ් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.