වයඹ පළාත් සභා රෝහල් තුළ 4 වැනිදා උදේ 7.00 සිට ක්‍රියාත්මක වන හෙද වැඩ වර්ජනයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති නිසා හෙට (07දා) දහවල් 12.00 සිට මධ්‍යම රජය මගින් පාලනය වන හලාවත මහ රෝහල තුළද හෙද වැඩවර්ජනය සිදුකරන බව රජයේ හෙද සංගමය සඳහන් කරයි.
වයඹ පළාත් රෝහල් තුළ සේවය කරන හෙද නිලධාරීන් 378 කට ලබාදුන් නීති විරෝධී ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා 4 වැනිදා උදේ 7.00 සිට පළාත් රෝහල් තුළ මෙම වැඩවර්ජනය දියත් කර තිබේ.