හලාවත මුන්නේශ්වරම මල්වත්ත ප්රදේශයේ ගරාජයක තිබී ජීප් රථයක් හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ ( 31 දා) රාත්රියෙදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රථය ජනපති ලේකම් කාර්යාලයෙන් අතුරුදහන් වූ බව කියන රථයක් විය හැකි බව හලාවත පොලීසිය කියයි.
ජිප් රියෙහි එංජිම තිබි නැති අතර ප්රශ්න කිරිමේදී ගරාජයේ හිමිකරු පවසා ඇත්තේ හලාවත ආරියගම ප්රදේශයේ අයෙක් විසින් අලුත්වැඩියා කිරීමට රථය ගෙනැවිත් බාරදුන් බවයි. පසුව පොලීසිය එම පුද්ගලයාගේ නිවසට ගොස් පරික්ෂා කළ විට එංජිමද සොයාගෙන තිබේ.
හලාවත සුපුන් හංසන