ජනප්රිය ගායකයකු හා සංගීතඥයකු වන හරූන් ලන්ත්රා මහතා අද (21දා) සිය දිවියෙන් නික්ම ගියේය. ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසුවිය.
කැළණියේ පිහිටි සිය නිවසේ දැඩි අසනීප තත්ත්වයන් පසුගිය කාලසීමාව ඔහු ගත කරනු ලැබීය. මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත බෙහෙවින් ජනප්රියත්වයට පත්විය. චිත්රපට පසුබිම් ගායකයකු ලෙසද සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කිරීමට හරූන් ලන්ත්රා මහතා කටයුතු කළේය.