ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලබන 10 දා දක්වා මැලේසියාවේ පුද්ගලික සංචාරයකට සහභාගී වන බැවින් පළාත් සභාවේ වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන හා සමූපාකාර අමාත්‍ය රවී සමරවීර මහතා අද (06දා) පෙරවරුවේ ඌව ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.