තමා ප්‍රධාන අමාත්‍ය නිල වාහනය ලබානොගන්නා අතර නිල නිවසේ පදිංචියටද නොයන බව ඌව පළාත් නව ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (22දා) ප්‍රධාන අමාත්‍යධුරයේ වැඩ බාරගනිමින් පැවසීය.
ප්‍රධාන අමාත්‍ය නිල නිවස මින් ඉදිරියට ජනතාවට බාර දෙන අතර නිරතුරුවම ඌව පළාතේ ජනතාව සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.