ප්‍රවීණ ලේඛකයෙකු, ශාස්ත්රඥයෙකු සහපරිවර්තයෙකු වූ ලීලානන්ද ගමාච්චි මහතා අභාවප්‍රාප්ත වීතිබේ. අද (16දා) පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත් වූ ඒමහතා මිය යන විට 79 වැනි වියේ පසු විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා(18දා) ඇල්දෙණියේදී සිදුකිරීමට නියමිතය.
1936 දී ගාල්ල, තෙල්ලඹුරග්රාමයේ උපත ලැබූ ලීලානන්ද ගමාච්චි මහතා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ තනතුරු ගණනාවක් දැරූ අතර, 1996 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ග්රන්ථකරණයට පිවිසියේය.
මිය යනවිට අගනා ග්රන්ථ එකසිය පහළොවකට වැඩි සංඛ්‍යාවක් රටට දායාද කළ ඒ මහතා මුල් යුගයේ පරිවර්තනය කළ "හරි පුදුම ඉස්කෝලෙ" නම් කෘතිය අදටත් අප රටේ ළමා පරපුර අතර ඉමහත් ජනප්‍රියව පවතී. එමෙන්ම ඔහුගේ "පුංචි වීරයෝ" සහ "තරුණ වීරයෝ"නම් පරිවර්තන කෘති මාලාවද ළමා පරපුරේ කියවීමේ රුචිකත්වය මෙන්ම ඔවුන්ගේ භාෂා භාවිතයේ වර්ධනයටද මහත් සේ ඉවහල් විය.