ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා විසින් මුදල් ගෙවා හයිඩ්පාර්ක් ක්රීඩාංගණය වෙන්කරගෙන ඇති බැවින් දැනට සිදුකරන නඩත්තු කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර අගෝස්තු පළමුවැනිදා වන විට එම ක්රීඩාංගණය ලබාදීමට පියවර ගන්නා බව කොළඹ නගර සභාවේ ක්රීඩා හා විනෝදාංශඅංශයේ අධ්යක්ෂිකා ශාලිකා රණවීර මහත්මිය පැවසුවාය.
මෙම ක්රීඩාංගණය වර්ෂාව නිසා හානියට පත්ව තිබූ බැවින් නවීකරණය කර දෙන්නැයි නගර සභාවේ ඉංජිනේරු අංශයට පසුගිය මැයි මාසයේදී දැනුම්දුන් නමුත් එම අංශයේ ප්රමාදය හේතුවෙන් නවීකරණ කටයුතු පමාවී ආරම්භ කර තිබුණු බවද අධ්යක්ෂවරිය සඳහන් කළාය.
කවුරුන් හෝ නගර සභාවට අයත් ක්රීඩාංගණයක් සඳහා මුදල් ලබා දී වෙන්කරගෙන තිබේනම් එය නියමිත දිනට ලබාදීම නගර සභාවේ වගකීමක් බැවින් එම දිනට ලබාදීමට උත්සාහ ගන්නා බවත්,නොවැළැක්විය හැකි හේතුවක් මත එය ලබාදිය නොහැකි නම් විකල්ප ස්ථානයක් ලබාදෙන බවත්, එසේ නොවේනම් මුදල් නැවත ලබාදෙන බවත් රණවීර මහත්මිය සඳහන් කළාය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු