හයිටි රාජ්‍ය වෙත බලපෑ මැතිව් චණ්ඩ මාරුතය නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 340 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
සන්නිවේදන බිඳ වැටීම නිසා මුලින් තොරතුරු වාර්තා නොවූවත්, මේ වනවිට චණ්ඩ මාරුතය ක්‍රමයෙන් පහව යමින්, තොරතුරු ගලාඒමත් සමග වසර හයකට පෙර භූ කම්පනයෙන් සිදුවූ හානියට පසුව හයිටිය මුහුණදෙන දරුණුතම මානුෂීය අරගලයකට මැදිව සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම මරණවලින් වැඩි දෙනා ගස් කඩා වැටීම හා වෙනත් සුන්බුන්වලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
කැරීබියන් රාජ්‍යන් අතර මැතිව් චණ්ඩ මාරුතයෙන් වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍ය ලෙස හයිටිය සැලකෙයි. එහිදී, වැඩිම මිනිස් ජීවිත අහිමි වීම මෙන්ම, නිවාස 3,200ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් දැවැන්ත දේපොළ හානියක්ද වාර්තා වෙයි.
එමෙන්ම, මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් මේ වනවිට උන්හිටි තැන් අහිමිව ඇති පිරිස 15,000ක් ලෙස ගණන් බලා ඇති අතර, බොහෝ භවබෝග හා පශුසම්පත් මින් විනාශයට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, මින් සිදුවූ සමස්ත හානිය තවම ගණන් බලා නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන අතර, ජෙරේමී නගරයෙන් 98%ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත පවසයි.
මාර්ගවල ගංවතුර තත්ත්ව පැවතීමත්, පාලම් කඩා වැටීමත් නිසා බොහෝ නගර යා කෙරෙන මාර්ග පද්ධතියට හනි සිදුව ඇති බවත්, මේ හේතුවෙන් ප්‍රවාහනයද සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, 2010 වසරේදී හයිටියට බලපෑ ප්‍රබල භූ කම්පනය තරම් හානියක් මැතිව් චණ්ඩ මාරුතය සිදුකර නොමැති අතර, එම භූ කම්පනයෙන් 90,000ක් ජීවිතක්ෂයට පත්වූහ.