හමුදාවෙන් පළාගිය සෙබළුන් 20,000 ක් පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
1972 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පළාගිය පළමු සෙබළාගේ සිට 50,000 ක පමණ පිරිසක් හමුදාව අතහැර ගොස් තිබුණු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
ඉන් 30,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.