සිය ආරක්ෂාව සඳහා සිටි හමුදා නිලධාරින් තමාගෙන් ඉවත්කොට ඇතත් සියලු දෙනාටම ආරක්ෂාව ලබාදීමේ ආත්ම තෘප්තිය තමන්ට ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරින් 50ක් ඉවත්කොට ඇති අතර ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව පවසයි.