නිවාඩු නොලබා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත්වීමට ලබා දී තිබූ පොදු සමා කාලය අප්‍රේල් 25 වැනිදා දක්වා දීර්ඝ කළ බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
අප්‍රේල් 02 වැනිදා සිට අප්‍රේල් 16 වැනිදා දක්වා නිවාඩු නොලබා යුද හමුදාව හැරගොස් සිටින පිරිස්වලට සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ලබා දී තිබූ බවත්, මේ අනුව එම කාලය තුළ 13,600කට අධික සාමාජිකයන් පිරිසක් හමුදා සේවයෙන් ඉවත්වීමට තම රෙජිමේන්තු වෙත වාර්තා කර තිබූ බවත් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
හමුදා සේවයේ නිවාඩු නොලබා සේවය අතහැර ගොස් සිටින පිරිස් නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත්වීමට දක්වන උනන්දුව මත ඊයේ (16දා) අවසන් වීමට තිබූ පොදු සමා කාලය අප්‍රේල් 25 වැනිදා දක්වා දීර්ඝ කළ බවත්, මෙය පොදු සමා කාලයේ අවසානම අවස්ථාව වියහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා නිවාඩු නොලැබ සේවය අතහැර ගොස් සිටින සියලු දෙනා මෙම කාලයෙන් උපරිම ප්‍ර‘යෝජන ගන්නා ලෙසත්, පොදු සමා කාලය යටතේ හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු කරන සියලුම දෙනා තම රෙජිමේන්තුවට උදෑසන කාලයේ වාර්තා කරන ලෙසත් බ්‍රිගේඩිය ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.