වෘත්තීය හැකියාවන් ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් 10,000කට NVQ සහතික නොමිලේ නිකුත් කිරීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පෙර දැනුම ඇගයීම යටතේ මෙම සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, පෙර දැනුම විධිමත්ව ඇගයීම සඳහාද වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මේ අනුව වෘත්තීය හැකියාවන් ඇති ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට තමන්ගේ හැකියාවන් පිළිබඳව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකයක් ලබාගැනීමට අවස්ථාව උදාවී තිබේ.
මෙම සහතිකය සාමාන්‍ය ක්‍රමය යටතේ ලබා ගැනීමේදී සැලකිය යුතු මුදලක් වියදම් කිරීමට සිදුව තිබේ.