පසුගිය දින 3 තුළ ඉතා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය කියයි.
එහි විධායක අධයක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන්කළේ මැතිවරණ නීති ආරක්ෂා කිරීමට මැතිවරණ දෙපාර්තාමේන්තුව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව සියලු විධි විධාන යොදා ඇති බවයි.
ඊයේ (13) මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂ සහ පොලිසිය අතර පැවති සාකච්ඡාවේදී වවුනියාව මන්නාරම පුත්තලම ප්‍රදේශ වලද අවශ්‍ය වන්නේ නම් හම්බන්තොට සහ මඩකලපුව ප්‍රදේශ සඳහා ද විශේෂ කාර්ය බලකාය සහ අතිරේක පොලිස් බල ඇණි යෙදවීමට තීරණය කළ බව ද තෙන්නකෝන මහතා කියයි.
පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවු ආකාරයට අද මධ්‍යම රාත්‍රී 12න් පසු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය මැතිවරණ දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් තමන් යටතට ගනීවි යැයි තමන් විශ්වාස කරන බව තෙන්නකෝන් මහතා කියා සිටියි.