හම්බන්තොට හැමෝම මහින්ද සමගයි
පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සාදන නව පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියළුම ප්‍රාදේශීය සභා සභාපති වරු සහ මන්ත්‍රීවරු තරඟ කිරීමට සියළු දෙනා අත් ඔසවා කැමැත්ත ප්‍රකාශ කළ බව අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති වි.කේ සුජීව හර්ෂනාත් මහතා කීය.
නව පක්ෂය සමඟ කටයුතු කරන බවට ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (12දා) අම්බලන්තොට රිදියගම අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති වි.කේ සුජීව හර්ෂනාත් මහතා ගේ නිවසේ දි පැවැත්විණි.
අම්බලන්තොට, හම්බන්තොට, තංගල්ල, විරකැටිය,කටුවන, ලුණුගම්වෙහෙර,තිස්සමහාරාමය, සූරියවැව, අඟුණකොළපැලැස්ස ,බෙලිඅත්ත,ප්‍රාදේශිය සභා සහ නගර සභාවල හිටපු සභාපති වරු මෙන්ම, මන්ත්‍රිවරුද නැගිට අත් ඔසවා යෝජනාව ස්ථිර කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

