මෙරටට අවශ්‍ය ආයෝජකයන් මිස ණය නෙවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පසුගිය රජය සමයේ කිසිම ආයෝජකයෙකුට ඉඩ ලබා නොදුන් බවද, ඒ වෙනුවට ඔවුන් අධික ලෙස ණය ලබාගත් බවද අමාත්‍යවරයා පැවැසිය.
එසේම හම්බන්තොට වරායට ලබාගත් ණය නොගෙවීම නිසා වරායේ භාගයක් පමණ චීන රජයට සින්න වී ඇති බවද හෙතෙම කීවේය.
අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.