හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ 02 වැනි අදියරේ කටයුතු කරන චයිනා - හාබ(ර්) ඉංජිනේරු සමාගමේ සේවය කරන සේවකයෝ දහසකට අධික ප්‍රමාණයක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (13දා) වරාය ඉදිරිපිටදී වැඩවර්ජනයක නිරත වූහ.
තම දිනක වැටුප රුපියල් 200 කින් වැඩිකරන ලෙසත්, රජයේ නිවාඩු දිනයන්හිදී තමන්ටද නිවාඩු ලබාදෙන ලෙසත්, එසේ නොමැතිනම් එදිනට සරිලන සාධරණ වැටුපක් ලබාදෙන ලෙසත් එහිදී ඔවුහු ඉල්ලා සිටියහ.
මීට පෙරද තමන් වැඩවර්ජනවල නිරත වුවද එවැනි අවස්ථාවල අදාළ ඉංජිනේරු සමාගම විසින් එම ප්‍රශ්නවලට විසඳුම් ලබානොදී විරෝධතාවට සහය පළකළ සේවකයින් ඉවත් කළ බව විරෝධතාව පිළිබඳ අදහස් දැක්වූ සේවකයෙක් 'අද' ට පැවසීය.
.gif)
රාහුල සමන්ත - හම්බන්තොට