හම්බන්තොට වරායේ දෙවැනි අදියර වෙනුවෙන් චීනය ඩොලර් මිලියන 600ක ආයෝජනයක් ලබාදීමට දැනටමත් එකඟ වී ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අද (02දා) රත්නපුරයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. සුදු අලියෙක් බවට පත්ව තිබූ හම්බන්තොට වරාය මේ වන විට කොළ අලියෙක් බවට පත්ව ඇති බවත් ඔහු මෙහිදී පැවැසීය.