හම්බන්තොට වරාය සම්බන්ධව චීන රජය සමග අත්සන් කිරීමට යන ගිවිසුමට මේ දක්වා දෙපාර්ශ්වය එකඟ වී නැති බවත්, ගිවිසුම අත්සන් කළ පසු සියලු ලිපිලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
චීන සමාගමකට හම්බන්තොට වරාය විකුණා දමන බවට පැවසෙන ප්‍රචාර අසත්‍ය බවත්, එවැනි මූලික කෙටුම්පතක් හෝ සකසා නැති බවත් කී අගමැතිවරයා රටවල් දෙක අතර හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇතැයිද ඊයේ (05දා) කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, "චීන සමාගමට පැවරීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කර නැහැ. එහෙම එකක් නැහැ. අපි යන්නේ හවුල් ව්‍යාපාරයක් ඇති කරන්න සියයට 40% ක් අපට වන ලෙස. මීට කලින් 35% යි දීලා තිබුණේ. ඇති කරගන්න යන හවුල් ව්‍යාපාරයට බදු දෙන එක ගැන පළමු රාමු ගිවිසුම අත්සන් කර තිබුණා.
සරත් අමුණුගම ඇමතිවරයා පසුගියදා කීවේ ඉතිරි එය අත්සන් කිරීම සඳහා සාකච්ඡා කරන බවයි. අපට මුදල ලැබුණාම අපට ගෙවන්න තියෙන ණය ඇමෙරිකානු ඩොලර් කෝටි 110කින් අඩුවෙනවා. ඇමෙරිකානු ඩොලර් කෝටි 3,600 ක් වෙන්න අපට තියෙනවා. මේක අපට ගෙවන්න බැහැ. ඊළඟ අවුරුද්දේ ඉඳන් 2026 වෙනකම් කෝටි 360 ගාණ ගෙවන්න තියෙනවා. අන්තිම එක 2,038 ගෙවන්න තිබෙනවා" යනුවෙන් පවසා සිටියේය.