පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ භාණ්ඩ ගොඩබෑමේ මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩු මිල ගණන් යටතේ සිදු කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ භාණ්ඩ ගොඩබෑමේ මෙහෙයුම් කටයුතුවලට බලපෑමක් එල්ලවී ඇතැයි වරාය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ලංකාවේ ඇති සිමෙන්ති කම්හල් සඳහා ගෙන්වන 'ලින්කර්' නමැති අමුද්‍රව්‍ය මෙතෙක් ගොඩබෑම සිදුකළ ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම්වලට ඇති මිල ගණන්වලට වඩා අඩු මිල ගණන් යටතේ මෙම මෙහෙයුම් කටයුතු හම්බන්තොට වරායේ සිදුකිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතව තිබූ 'ලින්කර්' නෞකාව හම්බන්තොට වරායට සේන්දුවීම ඇති බවත්, ඒ හරහා වරායට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වී ගොස් ඇතැයි බවත් එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ත්රිකුණාමලයවරායේ භාණ්ඩ ගොඩබෑමේ මෙහෙයුම්වලින් 98%ක් ලින්කර් නමැති අමුද්‍රව්‍ය ගොඩබෑම ලෙස මෙතෙක් සිදුකරගෙන ගොස් තිබූ අතර, මාසයකට නෞකා 10ක් ත්‍රිකුණාමලය වරායට සේන්දුවී තිබිණි.
ලින්කර් ගොඩබෑමට නැව්හම්බන්තොට වරායට යෑමෙන් වරාය අධිකාරියට නැතිනම් රජයට වාර්ෂිකව අහිමිවන ආදායම රුපියල් මිලියන 150ක් බවත්,මාසයකට ත්‍රිකුණාමලය වරායෙන් ලින්කර් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගොඩබෑම මේ නිසා ඇනහිට ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා