දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට සමගාමීව නව නළ සවිකිරීම හේතුවෙන් හම්බන්තොට ප්‍රාදේශිකයේ ප්‍රදේශ 15කට අද (02දා) සවස 6.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව හම්බන්තොට බැඳිවැට, කඩවර උතුර හා දකුණ, වල්සපුගල තැලවිල්ල, බුරුතකන්ද, මහා ආර, බඳගිරිය, පහළ මත්තල, මත්තල කැටන් වැට, හොන්නොරුව අඩි 65 කොටස, නාගර වැට යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
සූරියවැව මහවැලි හා ගල්වැව යන ජල කුලුනු වෙත ජලය ගෙන යන නළ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම නිසා අද (02දා) සවස 06 සිට හෙට (03දා) සවස 06 දක්වා ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය සඳහන් කරයි.