හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවයේ නර්තනාංග සඳහා පමණක් රුපියල් ලක්ෂ 150ක් වැය කළ බවට දැන් තොරතුරු හෙළිවෙමින් පවතින බව අමාත්‍ය අර්ජණ රණතුංග මහතා පැවැසීය.
එම උත්සවයේ වෙනත් වියදම්ද ඉහළ අගයක් ගෙන තිබෙන බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
"මේ මුදල යොදා ගෙන එහි සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් සඳහා ගොඩනැගිල්ලක් හදන්න තිබුණා. නැතිනම් හම්බන්තොට වරාය නිසා ඉඩම් අහිමි වූවන්ගේ සුබසාධනය සඳහා ඒ මුදල් යොදවන්න තිබුණා. රටට ඇත්තටම ආදෙරේ නම් අපි මුදල් වියදම් කළ යුත්තේ අපේ නම් දාලා බෝඩ් ගහන්න නෙමයි" යැයි ඔහු පැවැසීය.