හම්බන්තොට ධීවර වරාය තුළ පාවෙමින් තුබූ ඩොල්ෆින් මත්සයෙකුගේ මළසිරුරක් අද (20දා) හමුවූ බව හම්බන්තොට වනජීවී නිලධාරීහු පවසති.
මෙම ඩොල්ෆින් මත්සයා දිගින් අඩි අටක් පමණ වන අතර, මත්සයාගේ වල්ගයේ අග කොටස කපා දමා තුබූ බව එම නිලධාරීහු සඳහන් කරති.
ධීවරයන්ගේ දැල්වල පැටලීමෙන් පසු එම සතුන් මුදා නොහැර ගොඩබිමට රැගෙන එන්නට ඇතැයි සැකකරන බවත්, මේ ආකාරයෙන් දැල්වල පැටලීමෙන් පසු එම සතුන්ගේ වරල් කපා දැමූ අවස්ථා මීට පෙරද හමුවූ බවත් වනජීවී නිලධාරීහු පවසයි.
ඩොල්ෆින් මත්ස්‍යයන් මැරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් වන හෙයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජේ.ඒ.පී. විජයකුමාර මහතා සඳහන් කර සිටියේය.