හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 411 ක් සදහා ඡන්ද පෙට්ටි නිකුත්කිරීම අද (16දා) උදැසන 09 ට පමණ හම්බන්තොට ඡන්ද ගණන් කිරීමේ මද්‍යස්ථානය වන සුචි ජාතික පාසලෙන් ආරම්භ කෙරිණි.
මෙහිදී ඡන්ද පෙට්ටි රැගත් වාහන සදහා පිටවීමේ අවසර බලපත්‍රයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් කර තිබුණත් ඡන්ද පෙට්ටි රැගත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධීපතිවරුන් ( SPO ) ගමන්ගත් බොහෝ වහාන එම අවසර පත්‍රය රැගෙන නොපැමිණීම හේතුවෙන් ඡන්ද පෙට්ටි රැගත් වාහන පිටකිරීම පැයකට අධික කාලයක් ප්‍රමාද විය .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ගෙන් කළවිමස්ීමකදී ඔවුන් පැවසුවේ තමන් එවැනි පිටවීමේ අවසර බලපත්‍රයක් සම්බන්ධයෙන් දැන නොසිටිය බවයි.